by Staff writer 18-02-2021 | 3:08 PM
COLOMBO (News 1st) : නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් 425 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට පියවර ගෙන තිබේ.
ඒ , නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව අද දිනයේදී කොවිඩ් එන්නත් ලබා දෙනු ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය තහවුරු කළා ය.