ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිස කොළඹින්

by Sagarika Chathumali 18-02-2021 | 10:54 AM

COLOMBO (News 1st) : අද දිනය වන විට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 9 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තා වී ඇති අතර ඉතිරි පුද්ගලයින් 713 දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස වන ආසාදිතයින් 223 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආාසදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ , දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. මේ වනවිට මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 77906 දෛනකු වාර්තා වී ඇති අතර සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71176 දෙනෙකි. ඊයේ මෙරටින් කොරෝනා මරණ 13ක් වාර්තාවූ අතර ඒ අනවු සමස්ත මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වූයේ, වෑඋඩ, කළුතර උතුර, මග්ගොන, බෝම්බුවල, කළුතර, නෑබොඩ, නුවරඑළිය, ආගරපතන, ගම්පොල, පෑලියගොඩ, පානදුර සහ නුගේගොඩ යන ප්‍රදේශවලිනි. ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 9,089 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ PCR පරික්‍ෂණ 13,585 ක් සිදුකර ඇත.