by Staff writer 18-02-2021 | 3:13 PM
COLOMBO (News 1st) : ජනතා දුක නිවන ගමේ බලවේගය වන ගම්මැද්ද සවිය අද යෝධ පියවරක් සම්පූර්ණ කළේ ය.
කුරුණෑගල, පන්නල ජයසිරිගම ගම්මැද්ද සවියේ මූලිකත්වයෙන් අද ගම්මාන හතරකට පිරිසුදු පානීය කාලය ලබා දීම සිදු කෙරිණ.
ජයසිරිගම ළිඳක් මුල්කොටගෙන ජලය ලබාදීමේ ව්‍යාපෘතිය MAS Intimates සහ ගම්මැද්ද එක්ව සිදු කළේ ය.
එහි දෙවන අදියරේදී කිලෝමීටර් 600 ක දුරින් ලීටර් 30,000 ක ජල ටැංකියක් සහ අඩි 45ක් උස කුළුණක් ඉදි කර ජලය බෙදාහැරීම පුළුල් කෙරිණ.
තුන්වැනි අදියරේ දී සිදු කෙරුණේ, පවුල් 264කට ජලය ලබා දීමයි.
ඊට ජයසිරිගම , නාගහනන්ද, මීගහවත්ත සහ පරගහවත්ත යන ගම් අයත් වේ.
ජල ව්‍යාපෘතිය ජනසතු කරන අවස්ථාවට ගම්මැද්ද සාමාජිකයෝ zoom තාක්ෂණය ඔස්සේ උත්සව භූමිය හා එක් වූහ.
https://www.youtube.com/watch?v=MWatD1WOIoQ&feature=youtu.be