by Staff writer 18-02-2021 | 10:21 AM
COLOMBO (News 1st) : මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් , පුද්ගලයින් 3164 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පසුගිය ඔක්තොම්බර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර පසුගිය පැය 24 තුළ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 8 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුණු ආවරණ නොපළඳින හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයින් නීතිරීති කඩකරමින් අදාළ පරිශ්‍රයන්ගෙන් හෝ නිවෙස්වලින් බැහරව යනනේ ද පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ඔහු වැඩිුදරටත් සඳහන් කළේ ය.