O/L විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට

O/L පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට

by Staff writer 17-02-2021 | 7:58 AM

COLOMBO (News 1st) - මෙවර සාමාන්‍ය පෙළ(O/L Exam) විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, කොළඹ හා ශ්‍රී ජයවර්ධපුර අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට එම විභාග ප්‍රවේශ පත්‍ර අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට පැමිණ ලබා ගත හැකි බවයි. පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අද තැපෑලට යොමු කොරෙනු ඇති. විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රවේශ පත්‍ර සම්බන්ධ යම් ගැටලුවක් වෙත්නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව අමතා විසඳුම් ලබා ගත හැකි බවයි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 01වැනිදා සිට 10 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4,513 කදී පැවැත්වේ. ඊට පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව 622,352 කි.