සමාජ මාධ්‍යත් යොදා ගෙන මුදල් කොල්ල කෑ 6 ක් දැලේ

සමාජ මාධ්‍යත් යොදා ගෙන මුදල් කොල්ල කෑ 6 ක් දැලේ

by Staff writer 17-02-2021 | 3:58 PM

COLOMBO (News 1st) - නිධානයකින් ලබාගත් රත්‍රං බව පවසා ඒවා මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රත්‍රං කිලෝග්‍රෑම් එකක් රුපියල් ලක්ෂ 90 කට අලෙවි කරන බවට ඔවුන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි. සැකකරුවන් අතර කාන්තාවක් ද සිටි. 47 හැවිරිදි ඇය රාගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. ඔවුන් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.