මූල්‍ය තත්ත්වය:ෆිච් ආයතනයෙන් පැහැදිලි කිරීමක්..

ශ්‍රී ලංකාවේ සමාගම්වලට වඩා දේශීය මුල්‍ය ආයතනවලට වැඩි බලපෑමක් තිබෙනවා - ෆිච් ආයතනය

by Staff writer 17-02-2021 | 7:51 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය හරහා සමාගම්වලට වඩා දේශීය මූල්‍ය ආයතනවලට වැඩි බලපෑමක් පවතින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් ආයතනය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සමාගම්වලට ශක්තිමත් බිස්නස් ප්‍රොෆයිල් හෙවත් ව්‍යාපාර තෝම්බුවක් තිබීම වැඩි ද්‍රවශීලතාවක් තිබීම සහ රාජ්‍ය බලපෑම්වලට නිරාවරණය වන ප්‍රමාණයේ ඇති අඩුව මෙම තත්ත්වයට හේතුවයි. ෆිච් ආයතනය 2020 නොවැම්බර් මාසයේ මෙරට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම බී-නෙගටිව් සිට ට්‍රිප්ල් -සී දක්වා අඩු කර තිබේ. ජාත්‍යන්තර ණය ගැනීම්, ජාත්‍යන්තර ආයෝජන රටට ආකර්ශනය කර ගැනීම් වැනි රට තුළට මුදල් ගලා එන ක්‍රමවේදවලට මෙම ෆිච් ශ්‍රේණිගත කිරීම බලපෑ හැකියි.