by Staff writer 17-02-2021 | 8:17 PM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සංචාරකයින් කටයුතු කළ යුතු වේ.
සංචාරකයින් දිවයිනට පැමිණිමෙන් පසු දින 14 ක් නිරෝධායනය වී පී. සී. ආර්. පරීක්ෂණයක් ද කළ යුතු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.