ඉන්දියාවේ එන්නත් ලක්ෂ 5කට සල්ලි ගෙවයි

කොවැක්ස් වැඩසටහනෙන් එන්නත් මාත්‍රා 264,000 ක් මේ මස අවසන් සතියේ..

by Hashini De Mel 17-02-2021 | 7:32 PM

COLOMBO (News 1st) - කොවැක්ස් වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙලක්ෂ හැටහතර දහසක් මේ මස අවසන් සතියේ ලැබෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ අතර ඉන්දියාවෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මිලදී ගැනීමට ද අද ගෙවීම් කළ බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.