කතානායකත් කොරෝනා එන්නත ලබා ගනී

කතානායකත් කොරෝනා එන්නත ලබා ගනී

by Sagarika Chathumali 17-02-2021 | 4:08 PM

COLOMBO (News 1st) : කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට හමුදා රෝහලේදී කොරෝනා මර්දන එන්නත ලබා ගෙන තිබේ.

එම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් ගෙගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටි බවයි. පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙරට කොවිඩ් මර්දනයට ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබී දැනට එන්නත්කරණය සිදු කරමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ්  එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා එලෙස එන්නත ලබා ගත් බවයි. මන්ත්‍රීවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම ඊයේ ආරම්භ කෙරුණු අතර අද (17) දහවල් 12 වනවිට මන්ත්‍රීවරුන් 24 දෙනෙකු එන්නත ලබා ගෙන තිබේ.