ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න

කර්තෘ Sagarika Chathumali

17 Feb, 2021 | 9:18 am

COLOMBO (News 1st) : අද (17) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

දේශීයව හඳුනාගත් එම සියලු ආසාදිතයින් අතරින් වැඩිම පිරිස හඳුනා ගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 172 කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 73 ක් ලෙස වාර්තා වේ.

අනෙක් ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. (ඒ ඒ දිස්ත්‍රික්කවල ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ ලැයිස්තුව පහතින්)

මෙවන විට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77184 ක් වන අතර ඊයේ දිනයේ පුද්ගලයින් 1018 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 70429 ක් දක්වා ඉහළ ගියේ ය.

ඊයේ දිනයේ ආසාදිතයින් 6 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා වැළඳී අහිමි වූ පුද්ගල ජීවිත සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී ඇත්තේ, පානදුර, කොච්චිකඩේ, පිළියන්දල, වැලිඔය, නයිනමඩම සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලිනි.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 89 ක් තුළ පුද්ගලයින් 9,099 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 11,721 කි.

 

 

 

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]