ශ්‍රී ලංකාව යළිත් Lockdown එකකට යනවා ද?

''රට වසා දැමීමට කිසිදු සූදානමක් නැහැ...''- ඇමති ගම්මන්පිල

by Sagarika Chathumali 16-02-2021 | 12:26 PM

COLOMBO (News 1st) : රට වසා දැමීමට කිසිදු සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මපිල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදීයි. රට වසා දැමීම අවශ්‍ය වුවත් ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක, ණය බරින් මිරිකී සිටින රට තවදුරටත් වසා ගෙන සිටිමේ ආර්ථිකමය ශක්තියක් නැති බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. කොරෝනා සමග ජීවත්වීම ඉගන ගැනීමේ අභියෝගය හමුවේ, හැකි තරම් රට විවෘතව තබාගෙන මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේ ය.