සා/පෙළ උපකාරක පන්තිවලට දැනුම්දීමක්..

මෙවර සා/පෙළ විභාගය ලියන දරුවන්ගේ අමතර පන්ති ලබන 23සිට තහනම්..

by Staff writer 16-02-2021 | 7:37 AM

COLOMBO (News 1st) - මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය අවසන් වනතුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ අනුව, අදාළ විභාගයට හා සම්බන්ධ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා , විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පළ කිරීම ද ලබන 23 වැනිදා සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම තහනම කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් වේ.