මන්ත්‍රීවරුන් 19කට කොවිඩ් එන්නත..

මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත...

by Staff writer 16-02-2021 | 6:51 PM

COLOMBO (News 1st) - ඉන්දීය රජය ප්‍රදානය කළ ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම අද ආරම්භ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම සිදුවන්නේ, නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදීය. අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, තිස්ස අත්තනායක, දිලිප් වෙදආරච්චි, පළනි දිගම්බරම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ එන්නත ලබා ගත්තේ ය. ඒ අනුව අද දිනයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට එන්නත ලබා දුන් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. දින 4 ක් මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. හරින් ප්‍රනාන්දු, මුජුබර් රහුමාන්, හේෂා විතාන, මනුෂ නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් ඊට ඇතුළත් ය.