පොදු ප්‍රවාහනයේදී ගෙවීම් කිරීමට අලුත් ක්‍රමයක්...

පොදු ප්‍රවාහනයේදී කාසි හා නෝට්ටු හුවමාරුව අවම කිරීමට අලුත් ක්‍රමයක්...

by Staff writer 16-02-2021 | 2:59 PM

COLOMBO (News 1st) - පොදු ප්‍රවාහනයේදී ගෙවීම් සිදු කළ හැකි මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

ඒ, බස් හා දුම්රිය සේවාවල ගෙවීම් සඳහා කාසි හා නෝට්ටු හුවමාරුව අවම කිරීම සඳහායි. පෞද්ගලික දේශීය ආයෝජකයෙකු මාර්ගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.