මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමති

චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

by Sagarika Chathumali 16-02-2021 | 2:19 PM

COLOMBO (News 1st) : විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙහි වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි. මහාචාර්ය චන්න ජයසුමන ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ය.