O/L සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක්..

O/L සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක්..

by Chathurika Jayasundara 15-02-2021 | 4:21 PM

COLOMBO (News 1st) : මාර්තු 01 වැනිදා සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටින සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ති‌බේ.

ඒ , ලබන 17 වැනිදා සිට 25 වැනිදා දක්වා ය. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ , මාර්තු 01 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පෙබරවාරි 17 වැනි දා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සියලු පළාත්, කලාප,කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි. එමෙන්ම විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බව ද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබේ.