JUST IN : සාමාන්‍ය ජනතාවට ත් අද සිට කොරෝනා එන්නත

by Sagarika Chathumali 15-02-2021 | 11:24 AM

COLOMBO (News 1st) : සාමන්‍ය ජනතාවට අද (15) සිට කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතෙන් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි. ඒ අනුව රෝගය වැළඳීමට වැඩි අවදානමක් සහිත පුද්ගලයින්ට පළමුව Oxford-AstraZeneca එන්නත ලබා දෙනු ඇති.