by Staff writer 15-02-2021 | 6:22 PM
COLOMBO (News 1st) : ජනතා අභිලාෂයන් කෙරෙහි දැඩි අවධානයකින් පසු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ බුහුමනට ලක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ, වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබදව ශෝක පණිවඩුයක් නිකුත් කරමින් ය.
කතානායකවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරයකු ලෙස ශ්‍රී ලාංකීය සමාජයේ නොමැකෙන නාමයක් තැබූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා සිංහල භාෂාව හා සිංහල සංස්කෘතිය පිළිබඳ විමර්ශනශීලි ප්‍රාඥයෙකු වූ භක්තිමත් භාෂා ප්‍රේමියෙකු බව ජනාධිපතිතුමා සිය ශෝක පණිවිඩයෙන් පෙන්වා දෙයි.
ආගම දහම විෂයෙහි ඔහුගේ නිපුණතාව හා දැක්ම සාම්ප්‍රදායික හෙළ බොදුණුවකුගේ ජීවන රටාවට ආදර්ශයක් බව ද එහි සඳහන් ය.
ජනාධිපතිතුමා සඳහන් කළේ, දේශපාලනයෙකු , සාහිත්‍යධරයෙකු , විචාරකයෙකු සහ ප්‍රාමාණික වියතෙකු ලෙස වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා තැබූ සලකුණු තවත් බොහෝ කලක් සමාජයේ කතිකාවන්ට මූල බීජ සපයනු නිසැක බවයි.