පඩිපාලක සභා තීරණයට විරෝධතා දැක්වීමට දුන්කාලය අවසන්

රුපියල් 1000 දෛනික කම්කරු වැටුප: පඩිපාලක සභා තීරණයට විරෝධතා ඉදිරිපත් කිරීමට දුන් කාලය අද අවසන්..

by Staff writer 15-02-2021 | 12:11 PM

COLOMBO (News 1st) - රුපියල් දහසේ දෛනික කම්කරු වැටුප් වැඩි කිරීමේ පඩිපාලක සභා තීරණයට විරෝධතා ඉදිරිපත් කිරීමට දුන් කාලය අද(15) දහවල් 12.00න් අවසන් වනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, අදාළ විරෝධතා කම්කරු දෙපාර්තමේන්තුවට භාරදිය යුතු බවයි. ඉන් අනතුරුව එම විරෝධතා ඉදිරි සතියේදී පඩිපාලක සභාව රැස් වී සලකා බැලීමට නියමිතය. ඉන් අනතුරුව රුපියල් දහසේ දෛනික කම්කරු වැටුප් වැඩිවීමේ යෝජනාව ගැසට් කිරීමට පියවර ගන්නා බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඔහු සදහන් කලේ ඉදිරි දෙසතිය තුළ එය සිදුකරන බවය.