රජ පවුලට තවත් අලුත් සාමාජිකයෙක් ළඟදී ම..

රජ පවුලට තවත් අලුත් සාමාජිකයෙක් ළඟදී ම..

by Staff writer 15-02-2021 | 11:32 AM

COLOMBO (News 1st) : සසෙක්ස්හි ආදිපාද සහ ආදිපාදවරිය වන හැරි - මේගන් යුවළ සිය දෙවන දරුවා අපේක්ෂාවෙන් පසුවන බව නිවේදනය කර තිබේ.

ඔවුන්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, හැරි - මේගන් යුවළ පළමු දරුවා වන ආචී මවුන්ට්බැටන් - වින්ඩ්සර්ට සහෝදරියක හෝ සහෝදරයෙකු ගෙන ඒමට සූදානමින් පසුවන බවයි. ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත්තේ, දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටින යුවළ අතිශයින් සතුටට පත්ව සිටින බවයි. මේ අතර බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ, එළිසබත් රැජිණ ඇතුළු රජ පවුලේ සාමාජිකයින් ද සතුට ප්‍රකාශ කරමින් ඔවුන්ට සුබපැතුම් එක් කළ බවයි. හැරි - මේගන් යුවළගේ පළමු දරුවා 2019 මැයි 6 වන දා උපත ලැබූ අතර ඔහුට නම් තැබුණේ, ආචී මවුන්ට්බැටන් - වින්ඩ්සර් ලෙසයි. 2020 මාර්තු මාසයේදී යුවළ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකාරීවලින් ඉවත් වූ අතර මේ වනවිට ඔවුන් ජීවත් වන්නේ කැලිෆෝනියාවේ ය.