බන්ධානාගර නිලධාරීන්ට ත් හෙට සිට COVID එන්නත්

බන්ධානාගර නිලධාරීන්ට ත් හෙට සිට COVID එන්නත්

by Staff writer 15-02-2021 | 2:46 PM

COLOMBO (News 1st) : බන්ධනාගාර නිලධාරීන්ට හෙට (16) සිට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක , බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, බන්ධනාගාර පුහුණු පාසලේදී එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි. මේ යටතේ නිලධාරීන් 5100 ‌දෙනෙකුට එන්නත ලබාදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. බස්නාහිර පළාතෙන් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර පසුව සෙසු පළාත්වල බන්ධනාගාර නිලධාරින්ට ද එන්නත ලබාදෙනු ඇති.