by Staff writer 15-02-2021 | 9:16 PM
COLOMBO (News 1st) : පාසල්වල විෂය සමගාමී කටයුතු හැර තූර්ය වාදන සංදර්ශන, පෙළපාලි ආදිය පාසල් තුළ පැවැත්වීම අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ , දැනට ආරම්භ කර ඇති පාසල්වල සිසුන්ගේ පැමිණීම 70% ඉක්මවා වාර්තා වූ බව ද , දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන විෂය සම්මන්ත්‍රණ, සාකච්ඡා, සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආදිය පැවැත්වීමට කිසිදු තහනමක් නොවන බව යි.
පාසල් දරුවන් යොදා ගනිමින් සංදර්ශන හා පෙළපාළි පවත්වන බවට පාසල් කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගත් බව ද ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.