අපනයනය සඳහා වැල් දොඩම් වගා කිරීමට පියවර

අපනයනය සඳහා වැල් දොඩම් වගා කිරීමට පියවර

by Staff writer 15-02-2021 | 9:11 AM

COLOMBO (News 1st) : අපනයනය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ වැල් දොඩම් වගා කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, මේ යටතේ නියාගම, නෙළුව, යක්කලමුල්ල, ඉමදුව සහ බද්දේගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල වගාකරුවන් 150ක් පමණ කණ්ඩායම්ගත කර ඇති බවයි. හොරණ පළතුරු පර්යේෂණායතනයෙන් ලබාගත් බීජ ග්‍රෑම් 500 බැගින් ඔවුන්ට ලබා දී තිබේ. වාර්ෂික ඉලක්කය ටොන් 400ක් වන අතර අපනයන සමාගම් දෙකක් සමග සාකච්ඡා කර වගාකරුවන්ට හඳුන්වා දී ඇති බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය සඳහන් කළේ ය.