
රජ පවුලට තවත් අලුත් සාමාජිකයෙක් ළඟදී ම..
රජ පවුලට තවත් අලුත් සාමාජිකයෙක් ළඟදී ම..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : සසෙක්ස්හි ආදිපාද සහ ආදිපාදවරිය වන හැරි – මේගන් යුවළ සිය දෙවන දරුවා අපේක්ෂාවෙන් පසුවන බව නිවේදනය කර තිබේ.
ඔවුන්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, හැරි – මේගන් යුවළ පළමු දරුවා වන ආචී මවුන්ට්බැටන් – වින්ඩ්සර්ට සහෝදරියක හෝ සහෝදරයෙකු ගෙන ඒමට සූදානමින් පසුවන බවයි.
ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත්තේ, දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටින යුවළ අතිශයින් සතුටට පත්ව සිටින බවයි.
මේ අතර බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ, එළිසබත් රැජිණ ඇතුළු රජ පවුලේ සාමාජිකයින් ද සතුට ප්‍රකාශ කරමින් ඔවුන්ට සුබපැතුම් එක් කළ බවයි.
හැරි – මේගන් යුවළගේ පළමු දරුවා 2019 මැයි 6 වන දා උපත ලැබූ අතර ඔහුට නම් තැබුණේ, ආචී මවුන්ට්බැටන් – වින්ඩ්සර් ලෙසයි.
2020 මාර්තු මාසයේදී යුවළ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකාරීවලින් ඉවත් වූ අතර මේ වනවිට ඔවුන් ජීවත් වන්නේ කැලිෆෝනියාවේ ය.
- මුතුරාජවෙල ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරුද්ධයි- කාදිනල් හිමිපාණන්
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා