පාසල්වල උත්සව අත්හිටුවන්නැයි උපදෙස්

පාසල්වල උත්සව අත්හිටුවන්නැයි උපදෙස්

පාසල්වල උත්සව අත්හිටුවන්නැයි උපදෙස්

කර්තෘ Chathurika Jayasundara

15 Feb, 2021 | 4:29 pm

COLOMBO (News 1st) : පාසල්වල විවිධ උත්සව පැවැත්වීම අත්හිටුවන්නැයි අධ්‍යාපන ලේකම් උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ , පවතින කොරෝනා වසංගතය හමුවේ ඇති අවදානම් හා අනාරක්ෂිත තත්ත්වය මතයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, කොවිඩ් 19 වසංගත තත්ත්වය මත පවතින අවදානම් හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි .

වත්මනෙහි දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කරයි.

ඒ අනුව, පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලිපියක් නිකුත් කොට තිබේ.

ඒ අනුව, දැනට යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ල ද , ඉදිරියේ සැලසුම් කර ඇති උත්සව ද නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කරයි .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]