Lockdown කතාවට යුද හමුදාපති ප්‍රතිචාර දක්වයි..

රටම Lockdown කරන බවට පැතිර යන කතාවට යුද හමුදාපති ප්‍රතිචාර දක්වයි..

by Chathuranga Rajapaksha 14-02-2021 | 8:15 PM
COLOMBO (News 1st): කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් රට තුළ වාර්තා වීමත් සමග රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර ඇති බවට වන පුවත් සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වුවද, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධව රජය මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය රට තුළ විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තා වීම පිළිබඳ රජය දැඩි අවධානයෙන් පසුවන අතර, ඉදිරියේදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ගයන් සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.