by Staff writer 14-02-2021 | 6:13 PM
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ආචාර්ය ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.
රංගන ශිල්පියෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, තිර පිටපත් රචකයෙකු මෙන්ම ගුරුවරයෙකු ලෙස ඔහු මෙරට කලා කේෂ්ත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළේය.
56 හැවිරිදි වියේ පසු වූ ජයලාල් රෝහණ මහතා පසුගිය 11 වැනිදා අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයක් හේතුවෙනි.