පවුල් ආරවුලක් නිසා දෙදරු පියෙකු මරුට

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් 37 හැවිරිදි දෙදරු පියෙකු මරුට

by Staff writer 14-02-2021 | 5:46 PM

COLOMBO (News 1st) - මතුගම, මීගහතැන්න, බෝතලාව, කහටගල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.. ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි දෙදරු පියෙකි. සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.