නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට වැසේ

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය කොරෝනා නිසා වැසේ

by Staff writer 14-02-2021 | 5:57 PM

COLOMBO  (News 1st) - නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය හෙට(15) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

එහි සභාපති වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා සඳහන් කළේ ආයතනයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග මෙම පියවර ගත් බවයි. ඒ අනුව හෙට දිනයේ වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා වේලාවන් වෙන් කර ඇති පුද්ගලයින්ට පවතින තත්ත්වය පිළිබඳව දුරකතන මගින් දැනුම් දී ඇති බව ද ඔහු සඳහන් කළේය. මේ අතර කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාල්ල කාර්යාලය ද මේ වනවිට වසා දමා තිබේ. වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා සඳහන් කළේ සෙසු දිස්ත්‍රික් කාර්යාලය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.