කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට යෝජනාවක් - විදේශ ඇමති ඉන්දීය මාධ්‍යට කියයි

by Staff writer 14-02-2021 | 5:21 PM

COLOMBO (News 1st)  - කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට යෝජනා කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ නිවුස් එයිටීන් සමග සාකච්ඡාවකට එක්වෙමිනි. ''ශ්‍රී ලංකා ඉන්දියා සබඳතාවය එක ව්‍යාපෘතියකට කේන්ද්‍ර වෙන්නේ නෑ. අපේ සබඳතාවය ඉතාමත් මිත්‍රශීලී එකක්. අපිට පුළුවන් වෙනවා මේ ගැටලු සියල්ලක්ම විසඳගෙන ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා ඉදිරියට තර කර ගනිමින් කටයුතු කරන්න. ඉන්දියාව සමග විශාල ව්‍යාපෘති ආයෝජන වාගේම සහයෝගිතා දිගටම ක්‍රියාත්මක වේවි. මුල සිටම අපේ රජයෙන් නැගනහිර පර්යන්තය පිළිබඳව දැඩි කැපවීමක් තිබුණා.මේ පිළිබඳව රජයන් 3 ක් සමගම සාකච්ඡා කළා. ඒ වගේම ශ්‍රී ලංකා වරාය ධිකාරියත් අදාල රට සමග පැවැත්වූ සාකච්ඡාවල අසාර්ථකත්වයත් මේ කරුණට බොහෝ ලෙස බලපෑවා. ඒවාගේම තමයි බටහිර පර්යන්තය ලබා දීමට ආ යෝජනාවකුත් තියෙනවා. එය වරායේ විශාලතම පර්යන්තයි. මම කිව යුතු තව කාරණයක් තමයි ඉන්දියාවෙන් එන බහාලුම්වලින් තමයි පර්යන්ත ක්‍රියාත්මක වන්නේ''   https://youtu.be/aC42fT44YWs