ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මරුට

ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මරුට

by Staff writer 14-02-2021 | 11:49 AM

COLOMBO (News 1st) : වැල්ලවත්ත, හැම්ඩින් පටුමග ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින මහල් ගොඩනැගිල්ලකින් වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ 30 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත. මෙම පුද්ගලයා මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම්වලට සම්බන්ධ පුද්ගලයෙකු නොවන අතර මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත ය.