ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය වසර 21ක් සිට ප්‍රමාදයි

ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කිරීම වසර 21 ක් තිස්සේ ප්‍රමාද වී ඇතැයි කෝප් කමිටුවේදී හෙළිවෙයි

by Staff writer 13-02-2021 | 1:16 PM

COLOMBO (News 1st) - ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කිරීම වසර 21 ක් තිස්සේ ප්‍රමාද වී ඇති බව හෙළි වී තිබේ.

මේ බව හෙළි වූයේ, කෝප් කමිටුව හමුවට ඊයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීය. මේ අතර 2016 වසරේ සිට 2020 වසර දක්වා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්තා පාර්ලිමේන්තුවට නිසි පරිදි ඉදිරිපත් කර නොමැති බව ද මෙහිදී හෙළිවිය. කෝප් කමිටු සභාපති මහචාර්ය චරිත හේරත් හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ හා එම අධිකාරියේ සැලසුම් අධ්‍යක්ෂ නීතිඥ ශානිකා මලල්ගොඩ හා විෂය භාර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර යන මහත්ම මහත්මියන් එහිදී අදහස් පළ කළහ.