පැති කණ්නාඩි හොරෙක් දෙමටගොඩදී අත්අඩංගුවට

වාහනවල පැති කණ්නාඩි සොරකම් කළ අයෙක් දෙමටගොඩදී අත්අඩංගුවට

by Staff writer 13-02-2021 | 2:32 PM

COLOMBO (News 1st) - වාහනවල පැති කණ්නාඩි සොරකම් කළ පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සැකකරු සතුව තිබී කොළඹ විවිධ ස්ථානවල නවතා තිබූ වාහනවලින් සොරකම් කළ පැති කණ්ඩාඩි යුගල 16ක් සොයා ගත් බවයි. 31 හැවිරිදි සැකකරු පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මෙම පැති කණ්නාඩි පංචිකාවත්ත ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කරන පුද්ලයින්ට විකුණා ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබේ. සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බව පොලීසිය පැවසුවේ ය.