මෙරටින් හමු වූ නව කොරෝනා ප්‍රභේදය ගැන අධ්‍යයනයක්

මෙරටින් හමු වූ බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය ගැන අධ්‍යයනයක්

by Staff writer 13-02-2021 | 6:55 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය පිළිබඳ අධ්‍යයන කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, එය පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග අද දිනයේදී නිර්දේශ කරන බවය. මේ අතර බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පැවසීය. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, එම වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම ඉහළ මට්ටමක පවතින බවයි. මේ වනවිට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් ලබා ගත් අහඹු නියැදිවලින් බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය හමුව ඇති බව ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පැවසුවේ ය.