දැන් දෙන්නේ එන්නත... - ජනපති

මම මීමුරේ එනවා කිව්වම සමාජ මාධ්‍යවල දාලා තිබ්බා පරිසරය විනාශ කරන්න එනවා කියලා - ජනපති

by Staff writer 13-02-2021 | 8:00 PM

COLOMBO (News 1st) – ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 10 වන අදියර අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මීමුරේ ගම්මානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විය.

ප්‍රථමයෙන්ම ජනාධිපතිවරයා මීමුරේ කයිකාවල කණිෂ්ඨ විද්‍යාලයට පැමිණ සුහුරු පන්ති කාමරය ජනතා අයිතියට පත් කළේ ය. අනතුරුව මීමුරේ, උඩුදුම්බර මාර්ගය සඳහා ලංගම බස් රථයක් ලබා දීම සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතින් ය. මෙහිදී ජනාධිපතිවරයා විසින් ජනතාව සමග පිළිසඳරේ නිරත වෙමින් ජනතා ගැටලු පිළිබඳ සාකච්ඡා කළේය. https://www.youtube.com/watch?v=sx_aUCt29mE