දික්ඔය ඇලට කසළ බැහැර කිරීමෙන් පාරිසරික හානියක්

දික්ඔය ඇලට කසළ බැහැර කිරීමෙන් පාරිසරික හානියක්

by Staff writer 13-02-2021 | 3:24 PM

COLOMBO (News 1st) – කාසල්රී ජලාශයට ජලය ගලා බසින දික්ඔය ඇලට කසළ බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරිස අර්බුදයක් හටගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

හැටන්, දික්ඔය නගර සභාව යටතේ පාලනය වන දික්ඔය නගර සීමාවේ දිනපතා එක්රැස් වෙන කැලි කසළ එලෙස දික්ඔය ඇලට බැහැර කරන බව අප වාර්තාකරු ඉන්දික කළුආරච්චි සඳහන් කළේ ය.