ශ්‍රී ලංකා ක්‍රිකට් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට

කිලෝමීටර 2 දිව්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්‌ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට

by Staff writer 13-02-2021 | 1:50 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට ඊයේ (12) එක් විය.

ක්‍රීඩකයින් 32ක් ඊට එක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී ඔවුන් මිනිත්තු 8යි තත්පර 35ක කාලයකින් කිලෝමීටර 2ක දුරක් සම්පූර්ණ කළ යුතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන මූලික සංචිතයේ ක්‍රීඩකයින් මෙම යෝග්‍යතා පරීක්ෂණයට එක්ව තිබේ.