COLOMBO (News 1st) – අමාත්‍ය විමල් වීරංවංශ මහතා සහ අග්‍රාමාත්‍යවරයා අද කොළඹ පැවති උත්සවයකට සහභාගි විය.
දේශීය ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ අරමුණෙන් සංවිධාන කළ 'මේඩින් ශ්‍රී ලංකා' (Made In Sri Lanka) වෙළෙඳ ප්‍රදර්ශනය අද පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනය ඉදිරිපිටදී ආරම්භ විය.
ඒ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ සඳහන් කළේය.
ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමන් 2005 මේ රටේ ජනාධිපති ධූරයට පත්වීමත් සමග ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන චින්තනයේ විශාල පෙරළියකට මුල පිරුවා. කළ නොහැක්කක් නොමැති කියන ධෛර්ය සම්පන්න හැගීම මුළු මහත් ජාතියටම එන්නත් කළා. පරාජයට පත් කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරලා පෙන්නුවා. හම්බන්තොට වරාය ජාතියට නිර්මාණය කළා. ඒ වාගේම කොළඹ වරාය ආශ්‍රිතව වරාය නගරය නිර්මාණය ආරම්භ කළා. අපේ රටේ භූමියට නොතිබුණු භූමි ප්‍රමාණයක් එකතු කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ගෙවිච්ච ඒ දශකය මේ රටේ සමාජ ආර්ථික දේශපාලන ඉතිහාස කතාවේ ඉතා මනරම් පරිච්චේදයක් බවට පත්වුණා. ඒ පදනම මත ඉදගෙන තමයි ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත අපේ වර්තමාන ආණ්ඩුව මේඩින් ශ්‍රී ලංකා සන්නාමය බල ගන්වන්න ඒ ආත්ම විශ්වාසයත් අපිට ලැබිලා තිබෙන්නේ.
පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කර්මාන්ත අමාත්‍යවරයා සමග වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට ද එක්විය.