කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් විසි කළ පාර්සලයක්

කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් විසි කළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට

by Staff writer 13-02-2021 | 2:34 PM

COLOMBO (News 1st) - කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීමට තැත් කළ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි තිබී ජංගම දුරකතන 3 ක්, ගංජා ග්‍රෑම් 45 ක්, දුරකතන චාජරයක්, දුම්කොළ 4 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සොයාගත් බවයි. මෙම පාර්සලය විසි කිරීමට තැත් කළ පුද්ගලයින් කවුරුන් ද යන්න සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.