සුචී නිදහස් කරන්නැයි ඉල්ලා UNHRC යෝජනාවක්

අවුන් සාන් සුචී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් කවුන්සිලය යෝජනාවක් සම්මත කර ගනී

by Staff writer 13-02-2021 | 10:19 AM

News 1st - මියන්මාර නායිකා අවුන් සාන් සුචී නිදහස් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රට තුළ හමුදා පාලනයට එරෙහි විරෝධතා උත්සන්න වෙමින් පවතින බවය. හමුදාව භාරයට ගත් අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද මුදා හරින්නැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කර ගත් යෝජනාවේ සඳහන් වේ.