DNA:අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් රුධිර සාම්පල

අංගොඩ ලොක්කා ඇත්තටම මිය ගියා ද? DNA සනාථ කර ගැනීමට ඥාතී දෙදෙනෙකුගෙන් රුධිර සාම්පල..

by Staff writer 13-02-2021 | 7:15 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගියේ දැයි නිශ්චිතව සනාථ කර ගැනීම සඳහා ඔහුගේ ඥාතීන් දෙදෙනෙකුගෙන් රුධිර සම්පල ලබාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ගේ රුධිර සම්පල ලබාගත් බවය. 2017 වසරේදී කළුතර, එතනමඩල ප්‍රදේශයේ බන්ධනාගාර බස් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංගොඩ ලොක්කා ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනු ලබයි. කළුතර, එතනමඩලදී බන්ධනාගාර බස් රථයට පහරදීමෙන් රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මිය ගියහ.