by Sagarika Chathumali 12-02-2021 | 4:25 PM
COLOMBO (News 1st) : මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් - 19 වැළැක්වීමේ එන්නත ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.
එම අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා උපුටා දක්විමන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මත්පැන් හා දුම්වැටි භාවිත නොකරන්නන්ට එන්නත් ලබාදීම වඩාත් ප්‍රතිඵලදායි වන බවයි.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අද (12) පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, එන්නත ලබා ගැනීමෙන් අවම වශයෙන් මාස 6ක් යනතුරු හෝ මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිය යුතු බවයි.
කොවිඩ් - 19 ශ්වසන පද්ධතියට බලපෑම් කරන රෝගී තත්ත්වයක් බැවින් දුම්පානයට ඇබ්බැහිවූවන් කොවිඩ් - 19 රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතින බව ද සඳහන් ය.