නව Covid වෛරස් ප්‍රභේදය මෙරටිනුත්

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිරෙන නව COVID වෛරස් ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයකත්....

by Staff writer 12-02-2021 | 1:03 PM

COLOMBO (News 1st) :බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයා ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්‍රදේශවලින් ලබාගත් අහඹු නියැදිවලින් ඒ බව තහවුරු වූ බවයි. අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනවාරි මැද සිට පෙබරවාරි මාසය දක්වා  පිටරටින් පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ද සාම්පල ද   ඇතුළුව සාම්පල   92ක් පරීක්ෂාවට ලක් කළ බවයි. අනෙකුත් ප්‍රභේදවලට වඩා අවම වශයෙන් 50%ක වැඩි වේගයකින් මෙම වෛරස ප්‍රභේදය පැතිර යන බව ද ඔහු සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා සිදු කළ පැහැදිලි කිරීම පහතින්...

https://www.youtube.com/watch?v=5iEphMU6zjE&feature=youtu.be