වාහන 100ක් එකිනෙක ගැටුණු ටෙක්සාස් අනතුර

ටෙක්සාස් මාර්ගයක වාහන 100 ක් එකිනෙක ගැටුණු අනතුරක්

by Staff writer 12-02-2021 | 3:40 PM

COLOMBO (News 1st) : ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත්හි මාර්ගයකදී වාහන 100 කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, උදෑසන 6.00 ට පමණ වාර්තා වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 65ක් පමණ තුවාල ලබා ඇති බවයි. තවද පුද්ගලයින් 3 දෙනෙකු පමණ බරපතළ තත්ත්වයේ පසු වන අතර බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. කිහිප දෙනෙකු මෝටර් රථ තුළ සිරවී සිටින බවට ද වාර්තා වී ඇත. ෆෝර්ට් වර්ත් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවයි.