මාතර MOH කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 65ක්

කොරෝනා ආසාදිතයින් 939 දෙනා‌ වාර්තා වූ ප්‍රදේශ....

by Sagarika Chathumali 12-02-2021 | 10:14 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් - 19 ආසාදිතයින් 942 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ආසාදිතයින් අතරින් 3 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් වන අතර ඉතිරි ආසාදිතයින් 939 දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස වන ආසාදිතයින් 273 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති. ඊට අමතරව, ගම්පහ (181)ක් මහනුවර (102)ක් , මාතර (89) ක් , කළුතර (80)ක් සහ කුරුණෑගල (79) ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. අද වනවිට, මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 73,116 ක් ලෙස සටහන් වේ. පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 567 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත. එම සංඛ්‍යාවත් සමග පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති සම්පූර්ණ සංඛ්‍යාව 66211කි. ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ්-19 මරණ 04 වාර්තා වූ අතර එම මරණ වාර්තා වූයේ, උඩතලාවින්න, කොටහේන, කොළඹ 05 සහ කොළඹ 13 යන ප්‍රදේශවලිනි. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ද 379 ක් දක්වා ඉහළ ගියේ ය. නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 8,728 දෙනෙකු තවදුටරත් නිරෝධායනය වෙමින් සිටින අතර ගෙවුණු දිනයේ සිදු කළ PCR පරික්‍ෂණ 19,687 ක ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.