මුස්ලිම් නීතිය ගැන අධිකරණ ඇමති කතා කරයි

එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක විය යුතු නම් මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් ඒක කරන්න බැහැ - අධිකරණ ඇමති

by Staff writer 12-02-2021 | 8:18 PM
COLOMBO (News 1st): එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක විය යුතු නම් මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් එය සිදුකල නොහැකි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා නැගූ ප්‍රශ්ණයකට අදාළව අද පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා
ලංකාවේ පුද්ගලික නීතින් රාෂියක් ක්‍රියාත්මක වෙනවා. උදාහරණ වශයෙන් උඩරට විවාහ දික්කසාද නිතීය ක්‍රියාත්මක වෙනවා, උඩරට අනුප්‍රාප්තනීතිය ක්‍රියාත්මක වෙනවා. යාපනය විවාහ අනුපාප්ති නීතිය ක්‍රියාත්මක වෙනවා. වලාමේ නීතිය ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් විවාහ දික්කසාද නිතිය ක්‍රියාත්මක වනවා. මුස්ලිම් අනුප්‍රාප්තික නිතිය ක්‍රියාත්මක වනවා. බෞද්ධ විහාර හා දේවාලගම් නීතිය ක්‍රියාත්මක වනවා. හින්දු සංස්කෘතික පනත ක්‍රියාත්මක වනවා.මුස්ලිම් වකුබ් පනත ක්‍රියාත්මක වනවා. චර්ච් එෆ් සිලෝන් පනත ක්‍රියාත්මක වනවා එවැනි පනත් රාෂියක් ක්‍රියාත්මක වනවා පුද්ගල නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඒවා. ඉදිරියට එය වෙන්කර පොදුවේ එක රටක් එක නීතිය යටතේ සියලු දෙනාටම එක නිතිය ක්‍රියාත්මක විය යුතු නම් එය මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බැහැ. සියලුම පුද්ගලික නීති එහේනම් අහෝසි කරලා දාන්න. ඒක ඇරුනම මේක සටන් පාඨයක් කරගෙන වොයිස්කට් දිදි ජාතින් අතර විරසකත්වය ඇතිකිරීම සදහා කටයුතු කිරීම සුදුසු නැහැ කියන එකයි ගරු කථානායකතුමනි මම ප්‍රකාශ කර සිටින්නේ. එතකොට මුස්ලිම් නීතිය යටතේ මුස්ලිම් කාන්තාවන්, පොඩි දරුවෝ ඔවුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් විවාහ කරලා දෙන බවට මත ප්‍රකාශ කරලා තිබුණා. ඒක වැරදි ප්‍රකාශයක් එහේම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ.සිද්ධ වෙන්නේ ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන පියා අත්සන් කිරීම එහි වෙනසක් කරන්නට ඕනේ නම් ඒ සම්බන්ධයෙන් අපි සාකච්චා කරගෙන ඒක වෙනස කරන්නට පුලුවන්.2020 නොවැම්බර් මාසයේ කැබිනට් පත්‍රිකාවක් මේ වනවිටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුව අපි යෝජනා කරලා තියෙනවා. මේ රටේ අනෙකුත් අයට වගේම මුස්ලිම් දරුවෝත් විවාහ වෙන්න බැහැ. මේ දේවල් සංශෝධය කිරීමට කටයුතු කරගෙන යනවා.
https://youtu.be/KqS7cCre0Bs