by Staff writer 12-02-2021 | 7:56 AM
COLOMBO (News 1st) : මැතිවරණයකින් පසු ඊට ඉදිරිපත්වූ අපේක්ෂකයින් සිය ආදායම් වියදම් වාර්තාවක් ලබා දීම නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර තිබේ.
කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ ප්‍රතිඵල නිකුත්ව මාසයක් තුළ සියලු අපේක්ෂකයින් ආදාළ වාර්තා ලබා දිය යුතු බවට යෝජනා කර ඇති බවයි.
එම වාර්තා නොදෙන ජයග්‍රාහී අපේක්ෂකයින්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ද එමගින් වැඩිදුරටත් යෝජනා කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා යම් පක්ෂයක් සාමාජිකයෙකු නම් නොකරන අවස්ථාවක අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්පුර්ණ කිරිමේ බලය ජාතික මැතිවරණ කොමිසමට ලබා දෙන්නැයිද, අදාළ යෝජනාවලියට ඇතුළත් කර තිබේ.