English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
11 Feb, 2021 | 1:43 pm
🔺 නව ප්‍රභේදයට සාර්ථක ප්‍රතිඵල නොපෙන්වීම
🔺 අවුරුදු 65 වැඩි වැඩිහිටියන්ට ලබා දිය හැකි ද?
🔺 මාත්‍රා දෙක අතර කාල පරාසය
ආදි කරුණු කිහිපයකට අදාළව ලොව රටවල් කිහිපයකින් එන්නත භාවිතය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළ වී තිබිණ.
Oxford – AstraZeneca කොරෝනා වෛරසයේ නව ප්‍රභේද මර්දනයේදී සාර්ථක ලෙස ප්‍රතිචාර නොදක්වන බවට පසුගියදා දකුණු අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.
පසුගිය පෙබරවාරි 8 වනදා දකුණු අප්‍රිකාව සිය රට තුළ Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටවූයේ, එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමිනි.
තව ද වයස අවුරුදු 65 ඉක්මවූ පිරිස් සඳහා එන්නත ලබා දීම සුදුසු නොවන බව ඇතැම් රටවලින් ප්‍රකාශ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානය එය ද ප්‍රතික්ෂේප කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට එන්නත ලබාදිය හැකි බවයි.
ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් මීට පෙර අවුරුදු 65 ට වැඩි සිය වැසියන්ට උපදෙස් දී තිබුණේ, එන්නත ලබානොගන්නා ලෙසයි.
මේ අතර මුල් අවස්ථාවේ එන්නතේ මාත්‍රා දෙක අතර කාල පරතරය සති 6ක කාලක් ප්‍රමාණවත් බව ප්‍රකාශ කෙරුණ ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ Oxford – AstraZeneca එන්නතෙහි මාත්‍රා 2 අතර පරතරය දීර්ඝ වන තරමට එහි ඵලදායිත්වය ඉහළ බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ලාභදායි, මහා පරිමාණයෙන් නිපදවිය හැකි වීම සහ සම්මත ශීතකරණයේ ගබඩා කර තැබීමට හැකිවීම යනු කරුණු සැලකීමේදී Oxford – AstraZeneca ලෝකයේ ම එන්නත ලෙස සැලකිය හැකි බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ පිළිබඳ විශේෂඥයින් එන්නත් අත්හදා බැලීම්වල සාක්ෂි විමර්ශන කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කැතරින් ඕ බ්‍රයන් පවසන්නේ, දකුණු අප්‍රිකානු අධ්‍යයනයේ අවිනිශ්චිත බවත් එන්නත භාවිත කිරීම මගින් දරුණු රෝගී තත්ත්වයන් වළකවනවා යන්න පිළිගත හැකි බවත් ය.
තවද ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයින් තවදුරටත් අපේක්ෂා කරන්නේ සිටිනනේ සිය එන්නත රෝගීන් බරපතළ තත්ත්වයන් කර ගෙන යාම මෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, කෝවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හඳුනාගත් රටවලට ද එන්නත භාවිත කිරීම අනුමත නොකර සිටීමට හේතු නොමැති බවයි.
Oxford-AstraZeneca එන්නට අමතරව ලොව විවිධ සමාගම් විසින් වැඩිදියුණු කරන ලද එන්නත් කිහිපයක් මේ වනවිටත් ලොව විවිධ රටවල් සිය රටවල වැසියන්ට ලබා දෙමින් සිටී.
කෙසේ වෙතත් කොරෝනා වංසගතයට තවදුරටත් පුද්ගල ජීවිත බිලි වෙමින් තිබෙන අතර මේ වනවිට වාර්තාවන ගෝලීය මරණ සංඛ්‍යාව මිලියන 2.3 ඉක්මවා ගොසිනි.
05 Jan, 2022 | 11:20 AM
09 Jun, 2021 | 06:56 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS