කොරෝනා ගැන බලධාරීන්ගෙන් තවත් ප්‍රකාශයක්

සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක්: නමුත් එය සමාජ ව්‍යාප්තියක් නොවේ - නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 11-02-2021 | 7:11 AM

COLOMBO (News 1st) - මෙරට පවතින කොරෝනා තත්ත්වය සැලකීමේදී සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, එය කිසිසේත්ම සමාජ ව්‍යාප්තියක් නොවන බවය. සෑම කොරෝනා රෝගියෙකුටම වෙන් වූ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු තවදුරටත් විධිමත්ව සිදු කෙරෙන බව ද හේමන්ත හේරත් මහතා පැවසුවේ ය.